Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය පනාගොඩදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළලක්‍රීඩා කමිටුවේසභාපති මෙන්ම කිලිනොච්චියේ ස්ථාපිත 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත57 වන අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය - 2021 ඔක්තෝබර් මස 26 සහ 27 දෙදින පුරාපනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා සියළුම රෙජිමේන්තු නියෝජනය කරමින් තරඟකරුවන් 300 දෙනෙකු පමණ සහභාගී වූහ.තරඟාවලිය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහභාගී වූහ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ:

කිලෝ ග්‍රෑම් 560 කාණ්ඩය (කාන්තා)

ප්‍රථම ස්ථානය - 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දෙවන ස්ථානය - 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

තෙවන ස්ථානය - 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

කිලෝ ග්‍රෑම් 560 කාණ්ඩය (පිරිමි)

ප්‍රථම ස්ථානය -ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කිලෝ ග්‍රෑම් 640 කාණ්ඩය (පිරිමි)

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව