Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු කබඩි තරගාවලියෙහි ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකා කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි තරගාවලියෙහි අවසන් මහා තරඟ සිකුරාදා (9) දින පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර, ඉතා තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා කණ්ඩායම ශූරතාවය දිනාගැනීමට සමත් විය.

යුද හමුදා කබඩි කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.එස්.එල් පෙරේරාගේ ආරාධනයෙන් මෙම අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර සහභාගි විය.

මෙවර තරගාවලිය සඳහා රෙජිමේන්තු 18 ක් සහ කාන්තා ඒකක 02 ක් සහභාගි වූ අතර, ‘ඒ’ කාණ්ඩය, සුපර් ලීග් වටය සහ කාන්තා තරග ඉසව්ව යටතේ ඔවුන් තරඟ කළහ.

ඒ අනුව සුපර් ලීග් වටයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත හිමිවිය.

එමෙන්ම, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ‘ඒ’ කාණ්ඩයේ ශුරතාවය දිනා ගනු ලැබීය.

කාන්තා තරග ඉසව්ව යටතේ ප්‍රථම සහ දෙවන ස්ථාන, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සහ 5 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමි කර ගන්නා ලදි.

තවද, මෙම උත්සවය අවසානයේ ජයග්‍රහකයින් වෙත කුසලාන ප්‍රදානය මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර විසින් සිදු කෙරිනි.

latest jordans | Men’s shoes