Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ඔරු පැදීමේ තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායමට

අන්තර් රෙජිමේන්තු ඔරු පැදීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගීවූ අතර තරඟාවලිය අගොස්තු මස 22 සහ 23 දිනයන්හි දියවන්නා ඔය හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරඟාවලියේ දී රන් පදක්කම් 5 ක් (පිරිමි කණ්ඩායම - 2 ක් සහ කාන්තා කණ්ඩායම - 3ක්) හිමිකරගනිමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකරගත්හ. තවද, ශ්‍රී ලංකා සංඥා බලකායේ ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සමත්විය.

තරඟාවලියේ අනුශූරතාවයන්, ශ්‍රී ලංකා පාබල හමුදා (පිරිමි) කණ්ඩායමට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා (කාන්තා) කණ්ඩායමට හිමිවිය.

මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය සහභාගි විය. අවසන් දින (සිකුරාදා 23) සමාප්ති උළෙල ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. Nike air jordan Sneakers | Air Jordan Release Dates 2020