Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු හෑන්ඩ්බෝල් තරඟාවලියේ ශුරතාවය ගැමුණු හේවා බලකායට

රෙජිමේන්තු 10 ක සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා ඒකක දෙකක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 210 කගේ සහභාගීත්වයෙන් පැවැති අන්තර් රෙජිමේන්තු හැන්ඩ්බෝල් තරඟාවලිය බදාදා (03) දින පනාගොඩ, යුද හමුදා ජනපද ක්‍රීඩාගාරයේ දී අවසන් විය.

ගැමුණු හේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධෝපකරණ බලකා කණ්ඩායම අතර පැවති අවසන් තරඟයේ දී ගැමුණු හේවා බලකා ක්‍රීඩකයින් වෙත ජයග්‍රහණය හිමි විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේනුක උඩවත්ත විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරිනි.

එහිදි ගැමුණු හේවා බලකා කණ්ඩායමට සහ අනුශුරයින් වෙත කුසලාන පිරිනැමීම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් සිදු කරන ලදි.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න විසින් තරඟාවලියේ තෙවන ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම වෙත කුසලාන පිරිනමනු ලැබීය.

Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp