Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් බලසේනා සහ ඒකක ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තුවට

22 වන සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ සහ ක්‍රිඩා කෞෂල්‍යයන් ඔප්නැංවීමේ අරමුණින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසුරිය ගේ මඟපෙන්වීම මත ‘සේනාංක ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය’ පසුගියදා පැවැත්විණි.

ඉකුත් බ්‍රහස්පතින්දා (13) ආරම්භ වූ මෙම තරගාවලියට කණ්ඩායම් එකොළහක් සහභාගී වූහ. තරඟාවලියේ අවසන් මහ තරඟය ඉකුත් ඉරිදා (16) දින 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය කණ්ඩායම සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ප්‍රතිවාදී 6 වන ශ්‍රී ලංකා සන්නද්ධ බලකා කන්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශූරයන් බවට පත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසුරිය ගේ සුරතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතිකපත් පිරිනමන ලදී. අවසන් තරඟය දැකබලා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

තරඟාවලියේදී දස්කම් දක්වා සම්මාන හිමිකරගත් ක්‍රීඩකයින් පහතින් දැක්වේ

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් එම්.ඒ.එම්.ඩබ්ලිව්. රණසිංහ - 6 ශ්‍රීලසසබ

තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබළ එස්.පී.එස්. ප්‍රියදර්ශන - 6 විපාරෙ

හොඳම පන්දු යවන්නා - ලාන්ස් කෝප්‍රල් බී.ජි.එන්.පී. සඳරුවන් - 6 විපාරෙ

හොඳම ප්‍රහාරකයා - සාමාන්‍ය සබෙල එස්.පී.එස්. ප්‍රියදර්ශන - 6 විපාරෙ

හොඳම පන්දු රකින්නා - බළලත් නිලධාරී 1 ඩබ්ලිව්.ඒ.සී. සමරසිංහ - 6 විපාරෙ latest Running Sneakers | Sneakers Nike