Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරගාවලිය සහ ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ

62 වන සේනාංක භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරගාවලිය සහ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 22 සිට 30 වන දින දක්වා වැලිඔය 62 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙහිදී ප්‍රථමයෙන් අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරගාවලිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 22) දින වැලිඔය සේනාංක බැඩ්මින්ටන් පිටියේ දී පවත්වනු ලැබීය.

සේනාංකය යටතේ පිහිටි බලසේනා සහ බලඇණිවල කණ්ඩායම් 22 ක් කේවල සහ යුගල වශයෙන් පැවති තරගාවලිය සඳහා සහභාගි වූහ.

11 වන ගැමුණු හේවා බලකාය සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර, 11 වන ගැමුණු හේවා බලකා කන්ඩායම එහි ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මේ අතර, අන්තර් බලඇණි ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 30 වන දින 62 වන සේනාංක ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

මේ සඳහා 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණි කණ්ඩායම් මෙන්ම වෙනත් සේනාංක වලද කණ්ඩායම් සමගින් කණ්ඩායම් 11 ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වූ අතර, මෙහි අවසන් මහා තරගය සඳහා 11 වන ගැමුණු හේවා බලකාය සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සුදුසුකම් ලැබූ අතර, 11 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගන්නා ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහ, 622 සහ 623 බලසේනාධිපතිවරුන්, 62 වන සේනාංකය යටතේ රාජකාරී කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම තරගාවලිය නැරඹිම සඳහා සහභාගි විය.

Running sport media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth