Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2025 15:29:31 Hours

අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 07 දින පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක්

10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මාදගල්, ශාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රධාන ගොඩනැගිල්ල 2025 අප්‍රේල් මස 07 දින එම පාසලේ සිසුසිසුවියන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී. එම අවස්ථාවේදී එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පොත් සහ පාසල් බෑග් 50 ක් ද පරිත්‍යාග කරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc, සහභාගි විය.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) සහ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය හිමිවිය. උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, විදුහල්පති, ගුරුවරුන් සහ සිසුසිසුවියන් සහභාගී වූහ.