Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st July 2016 19:43:30 Hours
IMSSU ලෝක ශුරතා තරඟාවලිය ජයග්‍රහණය කළ යුද හමුදා සාමාජිකයින් වෙත යුද හමුදාපතිගේ සුභපැතුම්
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බ්‍රහස්පතින්දා (21) දින යුද හමුදාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016 සඳහා සහභාගි වී කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා වෙඩිතැබිම් යන ඉසව්වලින් ලෝක ශුරතාවය හිමිකරගත් යුද හමුදා සාමාජිකයින් හමු වූ අතර, ඔවුන් හට සිය ප්‍රසාදය පළ කරමින් සුභ පැතුම් ද එක්කලහ. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කපිතන් පී.කේ.ජේ.එස්. ගයන්ග විසින් කුඩා සිදුරු සැහැල්ලු රයිෆල්, කුඩා සිදුරු ඡායා වෙඩිතැබිම් සහ කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් - විවෘත දර්ශක යන අංශ තුනෙන්ම රන් පදක්කම් 03 ක් දිනා ගනිමින් ලෝකයේ අංක 01 බවට පත්විය. තවද, මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විශාල සිදුරු සැහැල්ලු රයිෆල් අංශයෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගන්නා ලදි. බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි. වැලිකල, මේජර් සී.එස්. රත්නායක, කපිතන් පි.කේ. ජේ.එස්. ගයන්ග, බලලත් නිලධාරී අයි.එන්. වීරසිංහ, කෝප්රල් කේ.පී. ගුණවර්ධන ඇතුලු යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ඇතුලත් මෙම ජයග්රාහි කණ්ඩායම සමඟින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරිස්, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ යුද හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී. නිවුන්හැල්ල ද යුද හමුදාපතිගේ ආරාධනයෙන් මෙම හමුව සඳහා එක්ව සිටියහ. තවද, මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ අනිල් ගුණවර්ධන මහතා, හිල් කන්ට්‍රි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ ඩබ්.එම්.එස්. මැණික්දිවෙල මහතා සහ මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ මාස්ටර් ඉෂාර අබේසූරිය ද මෙම ජයග්රාහි ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් විය. මෙහිදි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ජයග්රාහි කණ්ඩායම වෙත සිය උණුසුම් සුභ පැතුම් එක් කළ අතර, ඔවුන් සමඟින් වෙන්වෙන් වශයෙන් සාකච්ජා කරමින් ඔවුන්ගේ ඉදිරි සැලසුම් සහ පුහුණු කටයුතු පිළිබඳව විමසා සිටියහ. ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතා තරඟාවලියේ දී අඩුපාඩුකම් තිබියදීත් මව්බිමට ගෞරවයක් හිමිකර දෙමින් දැක් වූ දක්ෂතා පිළිබඳව ඇගයීමට ලක් කළ යුද හමුදාපතිතුමා ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ද ප්රදානය කරන ලදි. ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016 සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ඇතුලු අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ කණ්ඩායම කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා වෙඩිතැබිම් යන ඉසව්වලින් ලෝක ශුරතාවය හිමිකරගත් අතර, දකුණු අප්‍රිකාවේ පැවති එම තරඟාවලිය සෙනසුරාදා (16) දින නිමාවට පත්විය. එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රන්, රීදි සහ ලෝකඩ ඇතුලු පදක්කම් 38 ක් හිමි කර ගැනීමට සමත් වූ අතර, පසුගිය සඳුදා (18) දින තම මව්බිමට පැමිණි ඔවුන් ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමය විසින් මහත් හරසරින් පිළි ගන්නා ලදි. එමෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, යුද හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී. නිවුන්හැල්ල, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් පූරක සෙනවිරත්න ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් ද මෙම පිරිසට සුභ පැතීම සඳහා සඳුදා (18) දින ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.
jordan release date
|
Nike