Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2024 08:15:02 Hours

'The Eagles Cup Challenge Trophy’ හි ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 'The Eagles Cup Challenge Trophy’ පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 10 දින තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.

තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම තේරිපත් වූ අතර කණ්ඩායම් දෙක අතර තියුණු තරඟයක් පැවැත්විණි. අවසන් මහා තරඟයේදී, යුද්ධ හමුදා කණ්ඩායම 4-2 ක තීරණාත්මක ජයග්‍රහණයක් ලබාගනිමින් ශූරතාවය දිනාගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුශූරතාවය හිමිවිය.