16th February 2025 21:59:20 Hours
ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් ගාලු මුවදොර පිටියේදී සංවිධානය කරන ලද 97 වන ජාතික මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගන්නා ලදී.
දින 4 ක් පුරා පැවති ජාතික මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය - 2024 සඳහා ක්‍රීඩා සමාජ 25 ක් නියෝජනය කරමින් මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 කට අධික සංඛ්‍යාවක් තරඟ වැදුණි.
යුද්ධ හමුදා පිරිමි මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් පිරිමි අංශයේ ශූරතාව දිනා ගත් අතර, කාන්තා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් කාන්තා අංශයේ අනුශූරතාව හිමිකර ගත්තේය.
යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයින් මෙම ඉසව්වේ ඉහල දක්ෂතා පෙන්නුම් කරමින් සාජන් සෙල්වදොරෙයි අනුස්මරණ අභියෝග කුසලානය, වසරේ සාර්ථකම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම සඳහා හිමි මුත්තයියා සේවියර් රෝස් අනුස්මරණ අභියෝග කුසලානය, දක්ෂතම මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි සම්මානය, හොඳම පරාජිත මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දක්ෂතම මුෂ්ඨි ප්‍රහාර කාන්තා සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගනිමින් ජයග්‍රණය තවදුරටත් තහවුරු කර ගත්හ.
ලාන්ස් කෝප්රල් ආර්.එම්.පී ධර්මසේන වඩාත්ම කැපී පෙනෙන මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි සම්මානය සහ බොම්බෝඩියර් එම්.එම්.එල්.පී ජයවර්ධන හොඳම පරාජිත මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් අතර, සැරයන් එස්.එච් ප්‍රියදර්ශනී තරඟාවලියේ වඩාත්ම කැපී පෙනෙන මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.
යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්ෂ RSP ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම මෙම ජයග්රහණයන් සඳහා කැපවී කටයුතු කරනු ලැබූහ.