Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2024 15:49:01 Hours

9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින පුදුකුඩිඉරිප්පු, සුගන්තිපුරම් හි ‘අන්නී පුරානි’ පෙර පාසලේ නවතමයෙන් ඉදිකරන ලද මුළුතැන්ගෙය සහ භෝජන ශාලාව විවෘත කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය.

වෛද්‍ය ශ්‍රීයානි වික්‍රමනායක ගේ සම්බන්ධීකරණයෙන් ‘Miracle Restoration Ministries Incorporated Australia’ පදනමෙහි සහය ඇතිව 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් මෙම මුළුතැන්ගෙය සහ අංග සම්පූර්ණ භෝජනාගාරය ඉදිකරන ලදී.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම ව්‍යපෘතියේ අධීක්‍ෂණ කටයුතු 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී.අයි කුමාර විසින් සිදුකරන ලදී. විවෘත කිරීමේ උත්සව අවස්ථාවට 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.