Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2023 22:06:56 Hours

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

233 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද, මොණරතැන්න ප්‍රදේශයේ වයෝවෘද්ධ ස්වාමි පුරුෂයා සමඟින් අබලන් වූ නිවසක දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන මැගලින් පෙරේරා මහත්මියගේ නිවසේ වහලය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යුපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත එම පවුලේ සාමාජිකයන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එම නිවසේ වහලයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික සහාය ලබාගනිමින් දින කිහිපයක් ඇතුළත වහලයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින නිවාස හිමියන් වෙත භාරදෙනු ලැබීය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස් ද සිල්වා ගේ උපදෙස් යටතේ මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබීය.