03rd October 2024 15:36:18 Hours
222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ උපදෙස් මත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 25 දින ශ්‍රී සිත්තර වේලායුදම් ස්වාමි කෝවිල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
සැප්තැම්බර් මස 11 දින සිට 18 දින දක්වා වාර්ෂිකව පවත්වනු ලබන කෝවිලෙහි පුජාව සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර ඒ හේතුවෙන් කෝවිල් පරිශ්‍රය අපිරිසිදු වි ඇති බැවින් 222 පාබල බලසේනා මූලස්ථානයේ, 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම සමාජ සත්කාරක වැඩ සටහන සිදුකරනු ලැබූහ.