30th November 2023 10:00:38 Hours
ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදා භටපිරිස්හි සහභාගිත්වයෙන් 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය පසුගිය සඳුදා (නොවැම්බර් මස 28) දින ඉන්දියාවේ, පූනේ හි පිහිටි ආවුන්ද් (Aundh, Pune) හිදී නිල වශයෙන් සමාප්ත විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තා ලෙස 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජි.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී සහභාගී විය.
යුද අභ්‍යාසය තුළදී පුහුණු කෙරුණු ශිල්පීය ක්‍රහ සහ උපක්‍රම ප්‍රදර්ශනය කරමින් මෙම අවස්ථාවේදී ‘අමන් රණසුරය’ අවසන් යුද අභ්‍යාසය පැවැත්විණි.
මෙම යුද අභ්‍යාසය ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙක්, ඉන්දීය යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක් සහ ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 16 දින ආරම්භ කෙරිණි.
‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය 2012 වසරේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන යුද අභ්‍යාසයකි. මෙම යුද අභ්‍යාසය දෙරටෙහි හමුදාවන්හි පාබල හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවැත්වේ.