13th May 2024 19:39:21 Hours
කිරිඳිවැල, කුට්ටිවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 මැයි මස 09 දින පැවැත්විය.
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීගේ උපදෙස් සහ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රදේශයේ දානපතියන් පිරිසක් විසින් මුල්‍ය අනුග්‍රහකත්වය සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද. එස්. ධර්මවික්‍රම ආර්එස්පී එක් වූ අතර 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභීන්ද සහභාගී විය.