28th March 2024 13:41:50 Hours
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 20 දින සියඹලාපිටිය ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීය. 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.පී.එස්.ආර්. මාරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් ගින්න මැඩපවත්වා තවදුරටත් ප්‍රදේශය තුළ ගින්න පැතිරීම වැළැක්වීමට කටයුතු කළහ.