Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2024 17:08:32 Hours

8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ඇති වූ ගින්නක් නිවා දැමීමට සහයෝගය ලබාදෙයි

8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, කොළඹ සහ ගම්පහ ගිනි නිවන ඒකකයන් සමඟින් එක්ව පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ‘BSP Mendis and Company (Pvt) Ltd ආයතනයට අයත් කඩුවෙල ප්‍රදේශයේ ස්ථාපිත ‘Gragin Pipeline’ අංගනයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.

එම ගින්න පිළිබඳ තොරතුර ලද සැනින් 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් වයි.ඩී.එන් ද සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිලධාරීන් 07 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 57දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට කඩිනමින් ගොස් එම ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කරමින් ගින්න සාර්ථකව මැඩපැවැත්වූහ.