Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2023 20:54:13 Hours

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්, සිසුන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ 242 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම’ යන මැයෙන් වැඩසටහනක් තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලයේදී සහ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂනාරි දමිළ මිශ්‍ර පාසලේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පවත්වන ලදී.

වැඩසටහන සඳහා පාසල් දෙකෙහිම සිසුන් 300 කට අධික පිරිසක් සහභාගි වූ අතර, උතුරු නැගෙනහිර පළාත් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරී එම්.එම්.පී.බී.එම් රෂාඩ් මහතා විසින් දේශනය පවත්වන ලදී. දේශනයේදී මත්ද්‍රව්‍ය මගින් වන අහිතකර බලපෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, අන්තරායකර ඖෂධ වර්ග සහ එවැනි ඖෂධ භාවිතයන් සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව අවධානය යොමු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.පී.එල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඩී.එස්.කේ දෙනියාය ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සිදුකරන ලදී.