21st August 2023 22:03:16 Hours
තිරුක්කෝවිල්හි ස්ථාපිත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 16 වැනි සංවත්සර දිනයට සමගාමීව ආගමික වතාවත් මධ්‍යයේ සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව වැඩසටහන් මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එස්. දෙනියාය ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින පැවැත්විණි.
සංවත්සර දිනයට සමගාමීව භටපිරිස් අතර, සුහදතාවය වර්ධනය කිරීමට සහ මානසික සුවතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ක්‍රීඩා තරඟ සහ විනෝදාස්වාද වැඩසටහන් සංවිධානය කරන ලදී. උත්සව අවස්ථාව සඳහා 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, දෙවන අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.