Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 18:00:05 Hours

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුමන ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කුමන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම පසුගිය සඳුදා (පෙබරවාරි මස 05) දින ආරම්භ කරනු ලැබීය.

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඩී.එස්.කේ. දෙනියාය විසින් නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී. 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ඉදිකරනු ලබන නව නිවස සඳහා ප්‍රදේශයේ පරිත්‍යාගශිලි දානපතියන් පිරිසකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිමිවිය.