Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2024 16:36:19 Hours

8 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලඇණියේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය භටපිරිස් අම්පාර දමන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය 2024 ඔක්තෝබර් මස 09 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.එල්. අමුණුපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

දානපතියන්ගේ මුල්‍ය අනුග්‍රාහකත්වය සහ 8 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඩී.එස්.කේ. දෙනියාය ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මීට අමතරව, ගැමුණු පෙරේරා මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය සහ 242 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් එම ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 25 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය මාතෘ ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි.