Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2023 20:30:53 Hours

8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ප්‍රදේශයේ නාය යෑමෙන් අතුරුදහන් වූවන් සොයමින් මෙහෙයුමක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ නායයාමෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියි.

පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින සවස එම ස්ථානයේ නාය යෑම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු නිවැසියන් හතර දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇත.

සිදුවූ අනතුර ගැන දැනුවත් වීමෙන් අනතුරුව 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට ලගාවී අතුරුදන් වූවන් සොයා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූහ. 8 ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් මෙම මෙහෙයුම සිදුකරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් මෙම මෙහෙයුම සමීපව අධීක්‍ෂණය කරයි.