24th September 2024 12:00:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 75 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 10 දින සැමරීමට නියමිතය.
75 වන සංවත්සර දින උත්සවයේ කටයුතු යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මහත් අභිමානයෙන් යුතුව 2024 සැප්තැම්බර් 27 දින සිට ආරම්භ වීමට නියමිතව ඇත.
මෙවර යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 2024 සැප්තැම්බර් මස 27 දින සිට ඔක්තෝබර් මස 4 දින දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, කතරගම කිරිවෙහෙර යන ආගමික ස්ථානයන්හි සියලුම යුද්ධ හමුදා සහ රෙජිමේන්තු ධජ සඳහා ආශිර්වාද එක් කිරීමේ වැඩසටහන් මාලාවක් සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය, කොල්ලුපිටිය ජුම්මා පල්ලිය, කොළඹ 6 මයුරපති කෝවිල යන ආගමික ස්ථානයන්හිදී විශේෂ ආශිර්වාද වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද නියමිතව ඇත. අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 07 දිනත් යුද්ධ හමුදා දින පෙළපාලිය සහ සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහය ඔක්තෝම්බර් මස 10 දිනත් පැවැත්වීමට නියමිතව ඇත.
සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වේ.
75 වන සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රණක්ෂිතයට පත්ව අනුරාධපුර ‘අභිමංසල 1’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝදාර රණවිරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා ත්‍යාග පාර්සල් බෙදාදීමට නියමිතව ඇති අතර, 2024 ඔක්තෝබර් මස 08 දින අත්තිඩිය මිහිඳු සෙත්මැධුර සුවතා නිකේතනයෙහි රණවිරුවන් වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් ද 2024 ඔක්තෝබර් මස 25 දින සිට 27 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා පිරික්ෂුම් පහන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතව ඇත.