Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2023 23:04:08 Hours

74 වන ‘මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන ශූරතාවලිය 2023’ අනුශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද 74 වන ‘මිස්ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන ශූරතාවලිය 2023’ මාර්තු මස 26 දින කොළඹ ටවර් හෝල් හිදී පැවති අතර ඒ සඳහා සහභාගි වූ යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්හ.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ඇතුළු දිවයින පුරා ක්‍රීඩා සමාජ 9 ක් නියෝජනය කරමින් සහභාගී වූ කායවර්ධන ක්‍රීඩකයින් 377 දෙනෙකු කිලෝ ග්‍රෑම් 60, 65, 75, 75, 80, 85 සහ 90 යන බර ඛාණ්ඩ යටතේ තරඟවැදිණි.

තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.වයි.ඩබ්ලිව්. පුෂ්පකුමාර සමත්වූවේය.