Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2020 06:48:49 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආශීර්වාද සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනයක්’ සහ ‘සංඝගත දක්‍ෂිණාවක්’ පිරිනැමෙයි

ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සෑම වසරක් පුරාවටම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය යුද්ධ හමුදා සාමාජිකයන් විශාල පිරිසකගේ දායකත්වයෙන් බ්‍රහස්පතින්දා (01) ‘වප්’ පුන් පොහොය දින මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි. එමෙන්ම, අද (02) දින මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකමක් සහ දහවල් සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ සෙසු නිලයන් රැසක් ද සහභාගී වූහ.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තන ශිල්පීන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්නය ධර්ම දේශන ශාලාව වෙත වැඩමකරවූ අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පුරාණ සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොටපිටියේ රාහුල හිමිපාණන් සහ පිටිපන පුරාණ විහාරස්ථාකයේ විහාරාධිපති පූජ්‍ය හෝමාගම සීලවංශ හිමිපානන් වෙත සංකේතාත්මකව දැහැත්වට්ටිය පිළිගන්වමින් එදින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය වෙනුවෙන් ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ සියළු ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අනුශාසනාවක් පවත්වමින් නායක හිමිපාණන් යුද්ධ හමුදා ඉතිහාසය පිළිබඳ සිහිපත් කරමින් කුරිරු යුද්ධයෙන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙත පිං අනුමෝදන් කරනු ලැබිණි. තවද, උන්වහන්සේ විසින් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන විවිධ ක්‍රියාන්විත පිළිබඳව අගය කරමින් ජාතියේ ආරක්‍ෂකයින් ලෙස සිදුකරනු ලබන මෙහෙවර පිළිබඳව ආශිර්වාදයන් ද ලබාදෙන ලදී.

මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය ශ්‍රවණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ සියළුම නිලයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් දහකසට අධික පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. එමෙන්ම, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක සහ එහි යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ ප්‍රධානි නිලතල දරණ සියළුම නිලයින් මෙන්ම නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද මෙම පුණ්‍යකර්මය වෙනුවෙන් එක්වූහ.

මහා සංඝරත්නයේ 71 නමක් උදෙසා සිකුරාදා (2) දින උදෑසන සාංගික ‘හීල් දනය’ පිරිනැමීමෙන් අනතුරුව යුද හමුදා මූලස්ථානයේ පැවති බෞද්ධ ආගමික උත්සවය අවසන් විය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම උතුම් සාංගික දානමය පිංකම සඳහා වැඩමවා වදළා මහා සංඝරත්නය උදෙසා හිල් දානය පිළිගන්වමින් භික්‍ෂූන් වහන්සේලා වැඳ පාද නමස්කාරකරමින් සුහඳ පිළිසඳරක ද නිරත විය. bridgemedia | Air Jordan