Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 18:12:59 Hours

7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරයි

7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සහභාගීත්වයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි, ගල්කුලම, බලඇණි පුහුණු පාසලේදී ජනවාරි මස 17 දින සිට මාර්තු මස 05 දින දක්වා පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද අතර, සමාප්ති දින උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී විය.

පාඨමාලාව සඳහා 7 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිළයින් 317 දෙනෙකු සහභාගී වූ අතර, යුද්ධ හමුදාවේ විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහා වූ විෂය මාලාවක් මෙම පාඨමාලාවට ඇතුලත් වේ. පාඨමාලාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ දක්‍ෂතා පහත පරිදි වේ.

- සෑම අතින්ම අතිශූර සිසුවා: මේජර් පී.ඒ.අයි.එස් සිරිවර්ධන

- දක්‍ෂතම වෙඩික්කරු සහ හොඳම පෙළ අණදෙන්නා: කෝප්‍රල් ඩී.එම්.එල්.එස් බණ්ඩාර

- හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා: රෝහක සෙබල ඩී.අයි.එම් කපුවෙල