Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2024 08:05:23 Hours

7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව 36 වැනි සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 36 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම යටතේ උත්සව මාලාවක් පවත්වන ලදී.

සැමරුම් උත්සවයේ කොටසක් ලෙස 2024 ඔක්තෝම්බර් මස 31 දින මින්නේරිය වැව් ආශ්‍රිතව සහ ඒ 11 හබරණ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රොටවැව හන්දියේ සිට කඳවුරු පරිශ්‍රය දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. අනතුරුව, 2024 නොවැම්බර් මස 7 දින අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම සහ 2024 නොවැම්බර් මස 8 දින මින්නේරිය දේවාලයේදී ධජ ආශිර්වාද පූජාවක් මෙන්ම බළඇණියට ආශිර්වාද කිරීම වෙනුවෙන් ඒකකයේ දී බෝධි පූජා වැඩසටහනක් පවත්වන ලදී.

පසුව අණදෙන නිලධාරිතුමන් වෙත 2024 නොවැම්බර් මස 10 දින හමුදා සම්ප්‍රදායානුකූල බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල එතුමන් සමූහ ඡායාරූපයකට සහභාගී විය. 2024 නොවැම්බර් මස 11 දින පැවති සුහද හමුවකින් සංවත්සර දිනයේ වැඩකටයුතු අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ