07th May 2024 18:33:44 Hours
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් ‘ස්වේච්ඡා රෙජිමේන්තුවක් ලෙස පාබල හමුදා කාර්යභාරය සහ අනාගත සේවා නියුක්තිය’ යන තේමාව ඔස්සේ ඒකක සම්මන්ත්‍රණය සහ ‘Diners’ Club’ වැඩමුළුව අප්‍රේල් මස 19 දින පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. වැඩසටහනේ ප්‍රධාන දේශනය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පවත්වන ලදී.
මෙම සම්මන්ත්‍රණයේදී ඓතිහාසික ගැටුම් වලින් ඇති වූ බලපෑම් රෙජිමේන්තුවේ වර්ථමාන කාර්ය භාර්ය වෙනස්වීමට හේතු වූ කරුණු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලදී. අනතුරුව පැවති Diners' Club වැඩමුළුවට ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වූ රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති වෛද්‍ය මනෝජ් සංජීව ප්‍රනාන්දු එම්බීබීඑස් එම්ෆිල් සීටීඑච්ඊ විසින් හරවත් දේශනයක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව මගින් සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන්ගේ සමාජීය දැනුම පුළුල් කිරීම මූලික අරමුණ විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.