Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 18:47:22 Hours

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් විශේෂ කාන්තා දින වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් විශේෂ කාන්තා දින වැඩසටහනක් පසුගිය සිකුරාදා (මාර්තු මස 08) දින 51 පාබල සේනාංකයේදී සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා වොලිබෝල් තරඟාවලියක්, චිත්‍ර සහ අත්කම් නිර්මාණ තරඟයක් ද පැවැත්වූහ. උත්සවයේ කටයුතු අවසානයේදී එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.වී.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී තරඟ ඉසව් ජයග්‍රාහකයින් වෙත විශේෂ ත්‍යාග සහ සහභාගී වූ සියලුම දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.

වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.