Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2016 00:12:09 Hours

7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව සඳහා නව බාස්කට් බෝල් පිටියක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලකා පාබල හමුදා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ බාස්කට් බෝල් පිටියෙහි 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව අතර, අඟහරුවාදා (18) දින ප්‍රදර්ශණාත්මක බාස්කට් බෝල් තරගයක් පවත්වනු ලැබීය.

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර ජෙනරාල් අමල් කරුණාසේකර 57 වන සේනාංක මූලස්ථාන සංචාරය අතරතුරදී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, නවතමයෙන් ඉදි කරනු ලැබූ බාස්කට් බෝල් පිටියේ නිර්මාණය 7 වන ශ්‍රීලංකා පබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.පි.එස්.පී කුලසේකර විසින් සිදු කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

affiliate tracking url | Entrainement Nike