Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2024 17:01:24 Hours

7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නිවසක් ඉදිකර දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.කේ.ඩී.පී.පී.කේ කංකානම්ගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 05 දින ඕමන්තෙ, නවතාකුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නිවසක් ඉදිකර දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ ධානපතියන්ගෙන් මුල්‍යමය පරිත්‍යාගයන් හිමි වූහ. නව නිවස නිවාස ලාභීන් වෙත පවරා දීමේ උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, නිවාස ලාභීන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.