15th May 2024 18:35:53 Hours
7 ගැමුණු හේවා බළකායේ බලඇණි පුහුණු පාඨමාලාව පූනානි ස්ථාපිත බලඇණි පුහුණු පාසලේදී 2024 මැයි මස 10 දින සාර්ථකව අවසන් විය. මෙම සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය
. නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 271 දෙනෙකුගේ සහභාගීත්වයෙන් බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු 19 දින ආරම්භ විය. සමාප්ති උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගිවූ අතර, පාඨමාලාවේ පහත සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් විශේෂ ඇගයීමට ලක්විය.හොඳම නිලධාරී අණදෙන- - කපිතාන් ඩබ්ලිව්.කේ.කේ. ශිරෝමාල්
හොඳම සෙබළා -- වර්ණ සැරයන් ඊ.එම්.කේ. ඒකනායක
දක්‍ෂතම වෙඩික්කරු - - වර්ණ සැරයන් ඊ.එම්.කේ ඒකනායක
හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබළා - - කෝප්‍රල් එස්.අයි. සෙනෙවිරත්න