Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2020 08:40:38 Hours

682 සහ 683 බලසේනාවන්හී භටපිරිස් වෙසක් පුන් පොහෝ දින අවශ්‍යතා සහිත පවුල අතර පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් බෙදාදෙති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකයේ 683 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ගැමුණු හේවා බළකාය සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව එක්ව වෙසක් දිනය නිමිත්තෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින නන්දිකඩාල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර පිසින ලද ආහාර පාර්සල් සහ අතුරුපස බෙදාදෙනු ලැබූහ.

මේ වන විට පැතිර යන කොවිඩ් - 19 වසංගතය සහ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් එම වැසියන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී තිබිණි.

මෙම ව්‍යාපෘතිය මුලතිව් ආරක්‍ෂක සේන ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ සංකල්පයකට අනුව 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක සහ 683 වසන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරනු ලැබිණි.

මෙම වියළි සලාක බෙදාදීමේ ව්‍යපෘතිය සඳහා 683 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින්ගේ මෙන්ම ප්‍රදේශවාසීනිගේ සහය ද හිමිවූහ.

මේ අතර, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් විවිධ ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 50 ක් අතර 682 බලසේනාවේ භටපිරිස් විසින් සිකුරාදා (8) දින වියළි සලාක පාර්සල් 50 ක් බෙදාදුන්හ.

682 බලසේනාව විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී 682 බලසේනාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන දියත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක, 682 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙන්ම සෙසු නිලයන් ද සහභාගී වූහ. Asics footwear | Womens Shoes Footwear & Shoes Online