15th June 2023 22:40:10 Hours
‘ලෝක සාගර දිනයට’ සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් නන්දිකඩාල් කලපුව අවට කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (10) දින ක්රියාත්මක කරන ලදී. යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, රාජ්ය නිලධාරීන්, පරිසරවේදීන් සහ සිවිල් වැසියන් එක්ව මුලතිව් නන්දිකඩාල් කලපුව අවට මෙම කඩොලාන ශාක වගා කිරීමේ වැඩසටහන සඳහා එක්වූහ.
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් වැඩසටහන අධීක්ෂණය කරන ලදී. මුල්ලිවයික්කාල් ප්රදේශයේ ජීවත්වන ධීවර ප්රජාව නියෝජනය කරමින් සිවිල් වැසියන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම කඩොලාන ශාක වගාකිරීමේ වැඩසටහනට එක්වූහ.