21st November 2023 20:53:31 Hours
681 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් ‘දීපාවලි’ උත්සවය වෙනුවෙන් උඩයාර්කට්ටු ප්‍රදේශයේ ජිවත් වන අඩුආදායම් ලාභී පවුල් 12 සඳහා වටිනාකම රුපියල් 4500.00 බැගින් වූ අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් තොගයක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින බෙදාදෙන ලදී.
681 පාබල බලසේනාවේ භටපිරිස් උඩයාර්කට්ටු ග්‍රාම නිලධාරී මහතුන් සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩීසී පිඑස්සී ගේ උපදෙස් මත 681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ මඟපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහණ ක්‍රියාත්මක කරන ලදී.