05th February 2024 17:25:36 Hours
68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා කෑම මේස සහ වියළි ආහාර සලාක පාර්සල් ප්රදානය කිරීමේ වැඩසටහනක් 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පසුගිය සඳුදා (ජනවාරි මස 30) දින සංවිධානය කරන ලදී.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය. එහිදී භටපිරිස් විසින් ප්රාදේශීයව සපයාගන්නා ලද අමු ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම මේස නිර්මාණය කරන ලදී. 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පාර්සල් ඇසුරුම් කරන ලද අතර, ඒ සඳහා වන මූල්‍යමය අනුග්‍රාහකත්වය 68 පාබල සේනාංකය විසින් සපයන ලදී.
උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.