Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

66 වන සේනාංකයේ මූලිකත්වයෙන් පොල්වගාකරුවන්ට නොමිලේ පොහොර බෙදාදෙයි

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මූලිකත්වයෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත 661 බලසේනා මූලස්ථානයේ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් පුනරීන් ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් වෙත පොල්වගාව සඳහා අවශ්‍ය පොහොර තොගයක් බදාදා (14) දින බෙදාදෙන ලදි.

කෘෂිකාර්මික ප්‍රවීණයන් විසින් පොල්වගාව සඳහා පොහොර අත්‍යවශ්‍ය බවට නිර්දේශ කලමුත් පූනරීන් ප්‍රදේශයේ පොල්වගාකරුවන් පොහොර හිඟතාවය හේතුවෙන් දැඩි අසීරුතාවයකට පවත්ව ඇති බව සමීක්ෂණයකට අනුව ද අනාවරණය වී ඇත.

66 වන සේනාංකයේ මූලිකත්වයෙන් දියත් කරන ලද මෙම වැඩසටහන සඳහා මිරිහාන සිල්වර් මිල් සමාගම (Silver Mill Company) විසින් පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදුන් අතර පොල්වගාව සඳහා දිරීගැන්වීමක් ලෙස එම සමාගම විසින් අඩුආදායම්ලාභි පවුල් වෙත නොමිලේ පොහොර තොග ලබාදුන්හ.

පූනරීන්, අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ දී පොල්වගාකරුවන් සඳහා පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

යාපනය ප්‍රාදේශීය පොල් සංවර්ධන මණ්ඩලයේ, ප්‍රාදේශීය කළමණාකරු විගුන්දන් මහතා විසින් පොහොර භාවිතය තුලින් වැඩි ඵලදාවක් ලබාගන්නා ආකාරය පිළිබඳ පුළුල් දේශනයක් පැවැත්වුහ.

මෙම වැඩසටහන 661 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.ආර්.ආර්.පී ජයවර්ධන සහ 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලඇණි මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සිල්වර් මිල් සමාගමේ නිලධාරින් (Silver Mill Company), 661, 662 සහ 663 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරින්, යාපනය ප්‍රාදේශීය පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු සහ අතිරේක කළමණාකරු එස්. කරුනේෂ් මහතා සහභාගි විය.

Nike shoes | Men's Footwear