Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2023 20:10:18 Hours

653 වන පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන පාබල සේනාංකයට අයත් 653 වන පාබල බලසේනාවේ භටපිරිස් පෙරියමඩු මුස්ලිම් පාසල සහ තච්චන්මරදමඩු රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන 6,7,8 සහ 9 ශ්‍රේණිවල සිසු සිසුවියන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ පාර්සක් 150 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින පෙරියමඩු මුස්ලිම් පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා දානපතියන් පිරිසක් විසින් අනුග්‍රාහක්වය දැක්වීය. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ සහ අධීක්‍ෂණ කටයුතු 653 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ සහභාගී විය. මෙම අවස්ථාව සඳහා මඩු දේවස්ථාන පරිපාලක සුසෙයි පෙපෙයි පියතුමන්, 653 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ, 4 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සහභාගී වූහ.