18th June 2023 15:56:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයට අයත් 653 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනා බලප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන් වෙත රුපියල් 500,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (ජුනි මස 15 සහ 16) දෙදින තුළ පැවැත්වීය.
653 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එන්.සී. සේරසිංහ ආර්එස්පී යූඑස්පී ගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන දානපතියෙකුගේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවිය. පෙරියමඩු (නැගෙනහිර) ප්‍රාථමික විද්‍යාලයේ සහ කිරිසුද්දාන් ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 51 දෙනෙකු වෙත පසුගිය බ්‍රහස්පතින්දා (15) දින මෙම පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
පරිත්‍යාග වැඩසටහනේදී අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් පුමලන්තන් ප්‍රාථමික විද්‍යාලය, පෙරියපණ්ඩිවිරිච්චාන් මධ්‍ය මහා විද්‍යාලය සහ පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් 186 දෙනෙකු වෙත ද පසුගිය සිකුරාදා (16) දින පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය. 653 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එන්.සී. සේරසිංහ ආර්එස්පී යූඑස්පී, 653 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජී.ඒ.ඩී.පී. ගනේහිආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.