Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 18:59:04 Hours

652 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය දූරයේ රාජකාරි අරඹයි

652 වන බලසේනාවේ 9 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් අනිල් පෙරේරා ඉකුත් අගෝස්තු 28 වන දින අනවිලන්දන්කුලම්, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 652 වන බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදි.

652 වන බලසේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව, එතුමන් සංකේතවත් නිල ලේඛණයකට අත්සන් තබන සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි, 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret