Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th March 2023 19:05:50 Hours

651 වන බලසේනාවේ මූලිකත්වයෙන් තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අතර පාසල් උපකරණ පරිත්‍යාගයක්

65 වන පාබල සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බදාදා (මාර්තු මස 22) දින කිලිනොච්චිය, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි රෝමානු කතෝලික රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 93 දෙනෙකු වෙත රුපියල් 25,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා සහභාගී වූ 651 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසින් පාසල් සිසු සිසුවියන් වෙත මෙම පාසල් උපකරණ තොගය පරිත්‍යාග කරනු ලැබීය. එම පාසල් සිසු සිසුවියන් 93 දෙනාගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ භටපිරිස් දැනුවත්වීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබිණි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය 651 වන පාබල බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් ලබාදෙන ලදී.