Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

65 වන සේනාංක භට පිරිස් ජාතික ‘වනරෝපා’ වැඩසටහනට දායක වේ

අතිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරනු ලැබු දැනට ක්‍රියාත්මක ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක භට පිරිස් කිලිනොච්චි, තුනුක්කායි දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් 120 ක් වෙත කොස් පැළ 143 ක් බෙදාදෙමින් සිකුරාදා (02) දින දායකත්වය ලබාදිනි.

එම පාසලේ විදුහල්පතිනි ආර්. තනපාලසිංහම් මහත්මියගේ ආරාධනයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන විසින් විද්‍යාල පරිශ්‍රයේ දී පළමු පැළය රෝපණය කළ අතර, ඉදිරි මාස 06 තුල තමන් සිටවූ පැළය හොදීන් රැකබලා ගන්නා සෑම කෙනෙකුටම සේනාංකාධිපතිතුමා විසින් විශේෂ තෑග්ගක් ලබාදෙන බවද සිසුන් අමතමින් හේ එම අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබීය.

තවද, එහිදි එම පැල සිටුවීම සිහිපත්වීම පිණිස සිසු දරුවන්ගේ නම සහ පැළය සිට වූ දිනය සඳහන් නාම පුවරුවක් ද සිටුවන ලද පැලය ඉදිරියෙන් සවිකිරීම සඳහා ඔවුන් වෙත වෙන වෙනම ලබාදෙන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මුලිකත්වයෙන් 21 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුලු භට පිරිස් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

එමෙන්ම, 65 වන සේනාංක භට පිරිස් විසින් තවත් රුක් රෝපණ වැඩසටහනක් තුනුක්කායි, පොදු ක්‍රීඩාංගනය වටා පැළ සිටුවීමෙන් පසුගිය සෙනසුරාදා (03) දින දියත් කරනු ලැබීය.

65 වන සේනාංකය යටතේ සේවය කරන 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 21 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාන්කුලම් සිට වෙල්ලන්කුලම් දක්වා වූ කිලෝමීටර් 40 ක් දුර ආවරණය වන ලෙස පැළ 1180 ක් සිටුවා ඇති අතර, මෙවර පැළ රෝපණ වැඩසටහනේ දී විනාශ වූ පැළ වෙනුවට අලුත් පැළ සිටුවීම හා සංරක්ෂණ කටයුතු ඉටු කිරීම ද සිදු කෙරිනි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විදුහල්පති, ගුරුවරුන්, මල්ලාවී පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.එස්. රාජනායක මහතා, තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ ලේකම් එස් තම්බාලසිංහම් මහතා, තුනුක්කායි ග්‍රාම නිලධාරීණි ආර්. සුගන්දනී මහත්මිය, තුනුක්කායි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එස්. නන්දසීලන් මහතා සහ ක්‍රීඩා භාර නිලධාරී ජේ. ජයන්තම් මහතා, තුනුක්කායි ලකී ස්ටාර් ක්‍රීඩා සමාජයේ සභාපති එස්.එම්. පාලිනන් මහතා ඇතුලු සාමාජිකයින්, දෙමාපියන් මෙන්ම ගම්වාසීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

තවද, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා 65 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ඩි.කේ. හෙයියන්තුඩුව ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් දායකත්වය ලබාදෙනු ලැබීය.

Sneakers Store | NIKE