Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

65 වන සේනාංක බැඩ්මින්ටන් තරඟාවලියේ ශුරතාවය 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට

65 වන සේනාංක අභියෝගතා කුසලාන බැඩ්මින්ටන් තරඟාවලිය සෙනසුරාදා (21) දින 653 වන බලසේනා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර, එ් යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් සහභාගි විය. 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා තරඟ වැදුණු අතර, එහිදි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම ශුරතාවය හිමි කරගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය බලසේනා හා ඒකකයන්හි ක්‍රීඩකයින් වෙත මහඟු අවස්ථාවක් වූ අතර, කණ්ඩායම් 12 ක් මේ සඳහා තරඟ වැදුණි.

10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් පී.ආර්. ඉදුනිල් කුමාර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට තේරීපත්වු අතර, ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ප්‍රදානය කරන ලදි. මෙම තරඟය නැරඹීම සඳහා 651 වන සහ 653 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.

Buy Kicks | Air Jordan