25th March 2024 15:44:16 Hours
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත, 642 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ‘64 පාබල සේනාංක අභියෝග කුසලාන අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය - 2024’ ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
ක්‍රීඩා සමාජ නවයක සහභාගීත්වයෙන් මාර්තු මස 09 සහ 10 යන දිනයන්හිදී මූලික වටයේ තරඟයන් පැවැත්වූහ. පසුගිය ඉරිදා (මාර්තු මස 17) දින පැවැති අවසන් මහා තරඟයේදී ‘වලර්මඩි’ ක්‍රීඩා සමාජය සහ ‘භාරතී’ ක්‍රීඩා සමාජය තරඟ වැදුණු අතර, තරඟාවලියේ ශූරතාව ‘භාරතී’ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලිය නැරඹීම සඳහා 641 සහ 642 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.