Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2023 21:44:55 Hours

64 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් රෝහලේ ඩෙංගු මර්ධන වැඩසටහනක්

64 පාබල සේනාංකයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් එම සේනාංකයේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් රෝහල් පරිශ්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 07) දින පවත්වන ලදී.

මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා 64 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ක්‍රියාකාරීව සහභාගී වූහ.