Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2020 09:37:16 Hours

621 වන බලසේනාව පුද්ගලික පරිත්‍යාගශීලීන් සමඟ එක්ව සිසු සිසුවියන්ට දිරි දීමනා බෙදාදෙයි

පදවි - පරක්‍රමපුර ස්ථාපිත 621 වන බලසේනාවේ භටපිරිස් පෞද්ගලික පරිත්‍යාගශීලි පවුලක මූල්‍යමය ආධාර උපකාර ඇතිව ඉකුත් සෙනසුරාදා (4) දින පදවි බලයවැව ප්‍රදේශයේ දුෂ්කර පාසලක සිසු සිසුවියන් අතර පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

621 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශණය යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළින් 1 සිට10 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 107 දෙනෙකුන් සඳහා ඩී.එස්.අයි පාවහන් යුගල බැගින් ලබාදුන් අතර මීට අමතරව ගුරුවරුන් 11 දෙනෙකුන් සඳහා ද මෙම ව්‍යාපෘතිය යටතේ දිරි දීමනා හිමි ගන්වනු ලැබූහ.

බෙදා හැරීමේ උත්සවයට පරිත්‍යාගශීලීන් වන සමනල් රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ මව ප්‍රේමා දිසනායක මහත්මිය සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී වූ අතර, පදවි ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 621 වන බලසේනාවේ බලසේනාධිපති, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකායේ අණදෙන නිලධාරී, දෙමාපියන්, ගුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

උත්සවය සම්බන්ධීකරණය කළ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් උත්සවය අවසානයේ සහභාගී වූ සියලු දෙනාට කෙටි ආහාර වේලක් ලබා දුන්හ. best Running shoes | Nike