Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

62 සේනාංකයේ මුලිකත්වයෙන් වෙහෙරතැන්න පාසලට නව පරිඝණක විද්‍යාගාරයක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ආරාධනයෙන් හේලිස් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆෙන්ටන්ස් සමාගම විසින් වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික පාසලේ ඉදී කල නව පරිඝණක විද්‍යාගාරය බ්‍රහස්පතින්දා (30) දින නිල වශයෙන් විවෘත කිරිම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි.

මෙම නව ගොඩනැගිලි පරිශ්‍රයේ ඉදිකිරිමට ලක්ෂ 3 ක වියදමක් මෙම සමාගමට වැය වු අතර 62 වන සේනාංකයේ සහ 623 වන බලසේනාවේ භටපිරිස් සහ යුද හමුදා වෘත්තීය සෙබලුන් මෙම ව්යාපෘතිය නිම කිරිමට සහය ලබා දුන්හ. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ෆෙන්ටන්ස් සමාගම නියෝජනය කරමින් සුජිත් ද අල්විස් මහතා කැටුව 62 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ එම අවස්ථාවට සහභාගි විය.

වෙහෙරතැන්න ගම්මානයේ කුඩා ළමුන්ට අධ්‍යාපනය සඳහා ඇති එකම පාසල රොෂාන් මහනාම පාසල වන අතර මෙහි තොරතුරු තාක්ෂණ පහසුකම් හිඟවිම නිසා ළමුන් අනෙකුත් ප්‍රථමික පාසල්වලට යාමට පෙළඹි තිබිණි.

සමාරම්භක උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තාගේ ආගමනයෙන් ඇරඹුණ අතර උත්සවයට සපැමිණි 62 වන සේනාංකාධිපතිතුමන්ව පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ ළමුන් විසින් පිළිගන්නා ලදී. පරිඝණක විද්‍යාගාරය වෙත නර්ථන කණ්ඩායම් පෙරටු කරගෙන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස පැමිණි අතර පීත්ත පටිය කපා නව ගොඩනැගිල්ලේ සමරුඵලකය විවෘත වුයේ ඉන් පසුවය.

ෆෙන්ටන්ස් සමාගම නියෝජනය කරමින් රෙජි ගුණවර්ධන මහතා, චිත්රාල් ද සිල්වා මහතා සහ චානුක වික්‍රමවර්ධන මහතා ඇතුළුව 623 වන බලසේනාංකාධිපති, පාසලේ කාර්යමණ්ඩලය, පාසල් ළමුන්, වෙහෙරතැන්න ගම්වැසියන් සහ බලසේනා හා ඒකකයන් හී සේවයේ නියුතු නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.

bridgemedia | FASHION NEWS