Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

62 වන සේනාංකය මගින් වැලිඔය ප්‍රදේශවාසින් සඳහා ප්‍රජා සත්කාරක වෛද්‍ය සායනයක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය ආයතනය (Sri Lanka College of Military Medicine) හි සම්බන්ධිකරණයෙන් වැලිඔය ප්‍රදේශයේ පවුල් සඳහා වෛද්‍ය සායනයක් සෙනසුරාදා (14) දින ගජබාපුර විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.

ගජබාපුර, මොණරවැව, මායවැව, ඇතාවැටුණුවැව, නිකවැව, ජනකපුර, කිරිබ්බන්වැව, කළ්‍යාණිපුර, සපුමල්තැන්න, සම්පත්නුවර, සම්පත්ගම, නාමල්පුර සහ පරාක්‍රමපුර ආවරණය වන පරිදි පැවැත්වූ එම වෛද්‍ය සායනය සඳහා සිවිල් වැසියන් 1086 ක පරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය ආයතනය නියෝජනය කරමින් විශේෂඥයින් 11 ක්, වෛද්‍යවරුන් 24 ක් සහ වෛද්‍ය සහායකයින් 95 ක් සමඟින් 62 වන සේනාංකයේ, 621 බලසේනාවේ, 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ ද සහාය ඇතිව මෙම සායනය පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය ආයතනයේ සභාපති මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ ද මෙම වෛද්‍ය සායනය පැවැත්විම සඳහා සහයෝගය ලබාදී තිබුණි.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ සහ 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

latest jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ