Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 23:39:30 Hours

62 වන සේනාංකයේ භටපිරිස්හි සහයෙන් නායක ස්වාමින් වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පවත්වයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් පසුගියදා ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක‘ ගෞරව නාමයෙන් පිදුම් ලද පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම සඳහා සිය දායකත්වය සපයනු ලැබීය.

පදවි ශ්‍රී පුර අලිවන්ගුව, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පිළිගැනීමේ උත්සවය පැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස් මෙලෙස සිය දායකත්වය සපයනු ලැබීය. එමෙන්ම, මෙම හිමියන් හොරණ, මොරගහහේන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් ද වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී) විසින් නායක හිමියන් වෙත ‘අක්තපත්‍රය’ පිළිගැන්වූ අතර ඉකුත් සෙනසුරාදා (11) දින පැවති කෙටි උත්සවයේදී ‘විජිනිපත’ පිළිගැනීවීම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ වෙත ආරාධනා කරන ලදී. Best Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092