Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2017 11:46:28 Hours

62 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සිකුරාදා (07) දින ගල්කුලම පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදි.

එම කඳවුරු පරිශ්‍රයේ දී නව සේනාංකාධිපති වෙත 27 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබිය.

බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ නව තනතුරේ රාජකාරි භාර ගැනීමට ප්‍රථම පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ සහ පෙරියකුලමේ සුගුණ ස්වාමින් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කළහ.

621, 622 සහ 623 බලසේනාවන්හි සේනාංකාධිපතිවරුන්, 62 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් මෙන්ම මාණ්ඩලික නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

affiliate link trace | Nike sneakers